සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්ව මුදල් ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සේවකයන් 15 දෙනෙකුට වඩා සේවය කරන ආයතනවල සේවායෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීමද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.
මේ හරහා සේව්‍ය පාර්ශවයට පහසුවෙන් දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කළ හැකි අතර සේවකයින්ට ද දායකත්ව මුදල් ආයතනය විසින් නිසි පරිදි ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.