/
/
title icon කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ.
කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ.
Editor
1 year ago
Share:
කල්බදු හෝ මූල්‍ය සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ.

කල්බදු හෝ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී අදාළ රථයේ හිමිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිකව පියවර ගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ, පොලිස් ස්ථාන වෙත විශේෂ චක‍්‍රලේකයක් නිකුත් කරමින්.

කල්බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීම් පිළිබඳව එහි අයිතිකරුවන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට යාමේදී ඇතැම් පොලිස් ස්ථාන පැමිණිලි බාර නොගන්නා අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.

එහෙත් මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදුකළ යුතු බවයි අදාළ චක‍්‍රලේකයෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් වාහන කොල්ලකෑම්, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක‍්‍රියාමර්ග ගත යුතු බවද එහි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required