/
/
title icon අඟුලාන පොලිසියේ කලහකාරීව හැසිරුණු 07 කට වැඩ වරදී.
අඟුලාන පොලිසියේ කලහකාරීව හැසිරුණු 07 කට වැඩ වරදී.
Editor
1 year ago
Share:
අඟුලාන පොලිසියේ කලහකාරීව හැසිරුණු 07 කට වැඩ වරදී.

අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණි බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජංගම දුරකතන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනෙකු එහි කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් බලහත්කාරයෙන් රැගෙන පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේ රැගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා. මොවුන් දෙදෙනා පොලිසියේදී ඇති කරගත් කලහකාරි තත්ත්වය පාලනය කිරීමට මැදිහත්ව පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකු ද දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා.

ඇති වූ උණුසුම්කාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිසියේ ආරක්ෂාව තර කිරිමට අවට පොලිසිවලින්ද පිරිස අඟුලාන පොලිසියට කැඳවා තිබුණා. සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාගේ ඥාතීන් යැයි කියා ගන්නා විසි දෙනෙකුගෙන් යුත් පිරිසක් පොලිසියට පැමිණ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර පොලිසිය සැකකරුවන් දෙදෙනාට පහර දුන්නේ යැයි කියමින් ඔවුන් දෙදෙනා ලූනාව දිස්ති‍්‍රක් රෝහලට ඇතුළත් කර තිබුණා.

පොලිසියේ රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරුණු සැකකරුවන් දෙදෙනා ලූනාව රෝහලෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබ සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required