/
/
title icon ප‍්‍රකාශ 84 ක් ලබාගෙන අවසන් – ෂාෆ්ටර්ගේ මරණය ගැන සී.අයි.ඩී. විමර්ශන තවදුරටත්.
ප‍්‍රකාශ 84 ක් ලබාගෙන අවසන් – ෂාෆ්ටර්ගේ මරණය ගැන සී.අයි.ඩී. විමර්ශන තවදුරටත්.
Editor
1 year ago
Share:
ප‍්‍රකාශ 84 ක් ලබාගෙන අවසන් – ෂාෆ්ටර්ගේ මරණය ගැන සී.අයි.ඩී. විමර්ශන තවදුරටත්.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් යළිත් වරක් ඔහුගේ බිරිඳගෙන් සහ නැන්දනියගෙන් විමර්ශන නිලධාරින් ඊයේ ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

මේ වනවිට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 84 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required