කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන විස්සකදී රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද සිට ආරම්භ කෙරෙනවා.
ඒ, බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යෑමත් සමඟ බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් පළකළ එකඟතාවයට අනුවයි.
ඒ අනුව ලොරි 20 ක් යොදා ගනිමින් අද දිනයේදී කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ති‍්‍රක්කයේ බිත්තර අලෙවි කිරීමටයි පියවර ගැනෙන්නේ.
කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීථිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම හෝමාගමද බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, වත්තල, ජාඇල, රාගම, මීගමුව, කිරිබත්ගොඩ, කඩවත සහ පෑලියගොඩ නගරවලදී අදාළ ලොරි රථවලින් රුපියල් 55 ක මිලකට ජනතාවට එහිදී බිත්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.