ජනවාරි මාසයේදී ස්ථිරවම විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව ලබන මස 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර, කර්මාන්තශාලාවලට සහ අඩු ආදායම්ලාභීන්ට නව ගාස්තු සංශෝධනයෙන් සහනයක් ලබාදීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ සියයට 60 ත් 65 ත් අතර අගයකින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.
මේ අතර, ගල් අඟුරු සංචිත අවසන් වුවහොත් දිනකට පැය 08 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මේ බව කියා සිටියේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, පවතින ගල් අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරයේ දැනට කි‍්‍රයාත්මක ජනන යන්ත‍්‍ර දෙක සඳහා ජනවාරි මස 8 වනදා දක්වා ප‍්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියා.
එසේම, ජනවාරි 5,9 සහ 16 යන දිනවල නෞකා 3 ක් ඇතුළු නෞකා 6 ක් ජනවාරි මාසයේ දිවයිනට ළගා වීමට නියමිත බවයි මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණේ.
එසේම, ගල් අඟුරු ටෙන්ඩරය ශ‍්‍රී ලාංකික සැපයුම්කරුවෙකු ද සහිත ඉන්දුනීසියානු සමාගමකට ලබාදීමට තීරණය කළ බවද අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියා.