/
/
title icon පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සහ වත්මන් සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි.
පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සහ වත්මන් සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි.
Editor
1 year ago
Share:
පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමයේ  හිටපු සහ වත්මන් සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සහ වත්මන් සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප‍්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ප‍්‍රකාශ කළා. ඒ අනුව මෙලෙස ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ හිටපු සභාපති අනුරාධ විදානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන දෙදෙනාගේයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත‍්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභහානි කිරීමේ සිද්ධියකටයි මොවුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ.

ඒ පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කළා.

මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර විනිසුරුවරයාගේ තීරණය වූයේ එසේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවයි. ඔවුන් දෙදෙනා ඝෘජුව මෙම සිද්ධියට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර විනිසුරුවරයා දැනුම් දී තිබුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධියට මොවුන් දෙදෙනාද ඇතුළුව 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් 12 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන වසරේ ජනවාරි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required