මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධානාගාර ගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා තිළිණි ප‍්‍රියමාලි ඇයට එරෙහිව පැවති සියලූ නඩුවලට ඇප කොන්දේසි සම්පූර්ණ කර ඊයේ බන්ධනාගාරයෙන් පිටත්ව ගියා. ඒ මාස 03 කට ආසන්න කාල සීමාවකට පසුවයි.
බන්ධානාගරය තුළදී ජංගම දුරකථනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව ද දිස්ත‍්‍රික් උසාවිය මඟින් ඇයට ඇප නියම කර ඇති බැවින් බන්ධනාගාරයෙන් මුදා හැරීමට කටයුතු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තිළිණි ප‍්‍රියමාලි ඊයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ නඩු 08 ක් සඳහා ඇප කොන්දේසිවලට අත්සන් තැබූ අතර , රුපියල් 50,000 බැගින් ශරීර ඇප 08 ක් , රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 20 ක් , ඇය වෙනුවෙන් මව, පියා සහ සැමියා ඇතුළු පිරිසක් විසින් පසුගියදා තැන්පත් කර තිබුණා.
ඒ අනුවයි, ඊයේ ඇය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි සඳහා අත්සන් කරනු ලැබුවේ. පසුගිය කාලයේදී ඇයට එරෙහිව අධිකරණයේ නඩු විභාගයට ගත් අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඇප කොන්දේසි සම්පූර්ණ කළ බැවින් තිලිණි පි‍්‍රයමාලි බන්ධනාගාරයෙන් මුදා හැරුණු බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පැවසුවේ. බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තිලිණි ප්‍රියමාලි කියා සිටියේ තමා විවේකී සුවයෙන් කල් ගත කළ බවයි.
එසේම, බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේදී ඇයගේ සමීපතමයන්ගෙන් ඇයට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.