අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කෝන්වැව ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් දෙදෙනෙකු මියගියා.
සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා වාරියපොළ රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මෙම අනතුරින් මියගියේ අවුරුදු 21 සහ 29 යන වයස්වල පසුවන ගල්ගමුව ප්රදේශයේ පදිංචිකරුවන්.
තලාව සිට තඹුත්තේගම දෙසට ධාවන වූ ති්රරෝද රථයක් ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගෑටීමෙන් මෙම අනතුර ඊයේ පස්වරුවේ සිදුව තිබූ අතර ඉන් ත්රීරෝද රථයේ ගමන් කළ රියදුරු ඇතුළු සතර දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඉන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.