/
/
title icon දුම්රියෙන් නානුඔයේ සිට කොළඹට එළවළු.
දුම්රියෙන් නානුඔයේ සිට කොළඹට එළවළු.
Editor
1 year ago
Share:
දුම්රියෙන් නානුඔයේ සිට කොළඹට එළවළු.

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ – කොටුවට එළවළු ප‍්‍රවාහනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවකට අනුවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එළවළු ප‍්‍රවාහනය කිරීම සඳහා විශේෂ මැදිරි 05 ක් නිර්මාණය කර තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ – කොටුව දක්වා එළවළු ප‍්‍රවාහනය ආරම්භ කළ අතර, එම විශේෂ දුම්රිය රාති‍්‍ර 12 ට කොළඹ – කොටුවට ළඟා වුණා.

එමඟින් රැගෙන එන එළවළු කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොලට යොමු කෙරෙන අතර, සීඝ‍්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය කෙරුණු මෙම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required