
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, ඔහු කඩුවෙල මහේස්ත‍්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙසටයි. නීතිවිරෝධීව පුද්ගලයින් විදෙස් ගත කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් මතයි ඔහු ඊයේ දහවල් අත්අඩංගුවට ගැණුනේ.
ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඩුබායි සුද්දා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළ අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබුණා.
මේ අතර, රුසියාවට යවන බව පවසමින් මුල්‍ය වංචා සිදු කළ නුගේගොඩ විදේශ රැකියා ආයතනයකට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වුණා.
මේ අතර, ජපානයේ විදේශ රැකියා සඳහා ඉල්ලූම් කිරීමට ඊයේ දිනයේදීත් විශාල පිරිසක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ සිටියා.