ලබන වසරේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වනවිට බිත්තරයක් රුපියල් 35 ත්, 40 ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ බිත්තරයක් මිලදී ගැනීමට නොහැකි දිලිඳු පුද්ගලයන්ට නොමිලේ බිත්තර ලබාදීමටද සංගමය සූදානම් බවයි.
මේ අතර බිත්තරයක් රුපියල් 55 ක මිලකටම දිවයින පුරාම අලෙවි කළ යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ, සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා. කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාතට පමණක් මෙම වැඩසටහන මූලික නොවිය යුතු බවයි.
මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් බිත්තර අලෙවි කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ අනුව, කුලියාපිටියේ සිට බිත්තර ලොරි 6 ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ තිබුණේ සංකේතවත් ලෙස අදාළ බිත්තර තොග අමාත්‍යවරයාට පිලිගැන්වීමටයි.
මෙම අවස්ථාවට බිත්තර නිෂ්පාදන සංගම් කිහිපයක නියෝජිතයින්ද එක්ව සිටියා. මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූණා. බිත්තරයක් රුපියල් 55 ක මිලකට වෙළඳපොලේ අලෙවි නොවන බවයි ජනතාව කියා සිටියේ.