දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 90 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
තවදුරටත් අංශ කිහිපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරින් සහ පොලිස්පති සී.ඞී.වික්‍රමරත්න අතර හමුවක්ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී පොලිස්පතිවරයා මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ එහි ප්‍රගතිය පිළිබඳව ඔවුන්ගෙන් විමසා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, විමර්ශන සිදුකිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද පොලිස්පතිවරයාට විසින් ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර තිබුණා.