/
/
title icon ඉදිරි සතියේ සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ඇරඹීමේ සූදානමක්.
ඉදිරි සතියේ සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ඇරඹීමේ සූදානමක්.
Editor
1 year ago
Share:
ඉදිරි සතියේ සිට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ඇරඹීමේ සූදානමක්.

තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉදිරි සතියේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලූවේ සුමනවංශ හිමියන් ප‍්‍රකාශ කළා.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් බැහැදැකීම සඳහා උපකුලපති හිමියන් ඇතුළු පාලනාධිකාරියේ නියෝජිතයන් ඊයේ කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

මේ අතර, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුලින් බිහිවන්නේ විනය විරෝධී සිසුන් නම් එම විශ්වවිද්‍යාලය වසා දැමිය යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කැළණිය ධර්මායතනයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required