ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසර්ස් පී එල් සී ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත‍්‍රය අවලංගු කරන බව මහබැංකුව ප‍්‍රකාශ කළා.
ඒ, මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගත් තීරණය අනුවයි.
ඒ අනුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසර්ස් පී එල් සී ආයතනයට අද සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.
එසේම, මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ආයතනයට ලබාදී තිබූ කල් බදු මූල්‍යකරණ ආයතන ලියාපදිංචි කිරීමේ සහතිකය ද අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.