/
/
title icon ආහාර අනාරක්ෂිතභාවය වැඩිම දකුණේ බව ලෝක ආහාර වැඩසටහන කියයි.     
ආහාර අනාරක්ෂිතභාවය වැඩිම දකුණේ බව ලෝක ආහාර වැඩසටහන කියයි.     
Editor
1 year ago
Share:
ආහාර අනාරක්ෂිතභාවය වැඩිම දකුණේ බව ලෝක ආහාර වැඩසටහන කියයි.     

මෙරට වැඩිම ආහාර අනාරක්ෂිත භාවයක් බලපා ඇත්තේ දකුණු පළාතට බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මෙරට ජනගහනයෙන් සියයට 52 ක් තමන් ලබා ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කර ඇති බවයි.

මිලියන 22 ක ජනගහනයක් වෙසෙන මෙරට සියයට 76 ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවය නිසා විකල්පයන්ට යොමුවී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතා අධීක්ෂණය සම්බන්ධත්‍යන් සිය නවතම වාර්තාව එලිදක්වමින් ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ තවදුරටත් ජනගහනයෙන් සියයට 73 ක් මිලෙන් අඩු මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර විකල්ප සඳහා යොමුව ඇති බවයි. ජනගහනයෙන් සියයට 40 ක් ආහාර වේල් අඩු කිරීමට ද පෙළඹී ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, ආහාර අනාරක්ෂිතතාව, වැඩි වශයෙන් බලපා ඇත්තේ දකුණු පළාතට වන අතර, එහි ජනගහනයෙන් සියයට 48 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙමින් සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required