/
/
title icon ගොවි ගිණුම්වලට අද මුදල්.
ගොවි ගිණුම්වලට අද මුදල්.
Editor
1 year ago
Share:
ගොවි ගිණුම්වලට අද මුදල්.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සියලූ‍ම ගොවීන්ට ලබාදීම සඳහා පිරිනමන ලද රුපියල් බිලියන 08 ක මුදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද දිනයේදී නිල වශයෙන් සිදු කෙරුණා.

මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 08 ක් වන අතර, මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් හත්ලක්ෂ 60,000 ඉක්මවා තිබෙනවා.

එම කුඹුරු ප‍්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2 ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08 ක මුදලක් මෙරටට ලබා දුන්නා.

ඒ අනුව එම මුදල් කුඹුරු හෙක්ටයාර් 01 ක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 ක් සහ කුඹුරු හෙක්ටයාර් 02 ක් ඇති ගොවීන්ට රුපියල් 20,000 ක් වශයෙන් ගොවි ගිණුම්වලටම බැර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම මුදල් ගොවි ගිණුම්වලට නිල වශයෙන් බැර කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required