/
/
title icon දෙවසරකට පසු යළි මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් අද ඇරඹේ. 
දෙවසරකට පසු යළි මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් අද ඇරඹේ. 
Editor
1 year ago
Share:
දෙවසරකට පසු යළි මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් අද ඇරඹේ. 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසර දෙකකට ආසන්න කාලයකට පසු අද සිට නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. මත්තල ගුවන් තොටුපොල කාලසටහනකට අනුව අවසන් වරට මගී ගුවන් යානයක් පැමිණි තිබුණේ 2021 වසරේදීයි.

ශී‍්‍ර ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ පසුගිය කාලයේ හුදෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විකල්ප ගුවන් තොටුපොලක් ලෙස භාවිතා කෙරුණේ.

එමෙන්ම මෙරට ගුවන් සීමාවට ඉහලින් පියාසර කරන ගුවන් යානවලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපොලක් ලෙසද එය භාවිතා කරනු ලැබුවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ අද උදෑසන මඟීන් 400කට වැඩි පිරිසක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමට අයත් බොයිං 777 – 200 වර්ගයේ ගුවන් යානයක් රුසියාවේ සිට මත්තල ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව රෙඩ් වින්ග්ස් ගුවන් සමාගම 2023 වසරේ සිට සතියකට නව ගුවන් වාර 2ක බැගින් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති අතර එය 3ක් දක්වා වර්ධනය කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required