
අභාවප‍්‍රාප්ත ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨම පා පන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන “පේලේ” වෙනුවෙන් දින 03 ක ශෝක කාලයක් බ‍්‍රසීලය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
පිළිකාවකින් පීඩා විදි ඔහු සා ඕ පාවුලෝ නුවර රෝහලකදී ඊයේ ජිවිතක්ෂයට පත්වන 82 හැවිරිදි වියේ පසුවණා.
බ‍්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට සමත් වූ ඔහු, ජගත් පා පන්දු සම්මේලනය විසින් 2000 වසරේ දී සියවසේ ක්‍රීඩකයා ලෙසද නම් කරනු ලැබුවා.
“පේලේ”ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමංසිංහ ද ශෝකය පළ කර තිබෙනවා.
එසේම, ලියනෝල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු සුපිරි පාපන්දු ක්‍රීඩකයින් රැසක් සිය ට්විටර් ගිණුම් ඔස්සේ පේලේ ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරිමට කටයුතු කර තිබුණා.