/
/
title icon පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්.
පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්.
Editor
1 year ago
Share:
පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්.

පාසල් ආශ්‍රිතව සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී.වික‍්‍රමරත්න, පොලිස් ස්ථාන වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාසල් ළමයින් හෝ ඔවුන්ගේ බෑග් පරීක්ෂා කළ යුත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවයි පොලිස්පතිවරයා එමඟින් අවධාරණය කර ඇත්තේ.

එසේම, ගුරුවරුන් සහ දෙමව්පියන්ගේ එකඟතාවය අනුව පමණක් පාසල් ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්විය යුතු බවද පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පසුගිය දින කිහිපයේ දියත් කෙරුණු අතර, එහිදී පොලිසිය විසින් පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂාව සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයද පසුගියදා නිවේදනය කළේ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා පමණක් ඉදිරියේදී පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required