ඉංගිරිය – නම්බපාන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු අම්බලන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 14 වන දා කුළි පදනම මත රත්නපුර ප්‍රදේශයෙන් ලබාගත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී එහි රියදුරුට පහරදී අත් පා සහ මුඛය ගැටගසා ඔහු ඝාතනය කර එම මෘත ශරීරය කැටකැඩැල්ල ප්‍රදේශයට දමා ගොස් තිබුණා.
අනතුරුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා අලූබෝමුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර අනතරුවයි ඊයේ 31 ක සහ 36 යන වයස් වල පසුවන අම්බලන්තොට හා හුංගම ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් සතුව තිබිය දී කොල්ලකන ලද මෝටර් රථය, ඝාතනයට ලක්වූ පුද්ගලයා භාවිත කළ ජංගම දුරකතන 2ක්, අපරාධය සිදු කිරීමට භාවිත කළ ජංගම දුරකතන 3ක් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුව ගෙන ඇති එක් සැකකරුවෙකු ඝාතනයට ලක්වූ පුද්ගලයාට අයත් ජංගම දුරකතන දෙක උකස් පදනම මත ලබාගෙන තමා සන්තකයේ තබාගෙන සිටි අයෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.