
ඊශ‍්‍රායලයේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස යළි බෙන්ජමින් නෙතන්යාහු දිවුරුම් දී තිබෙනවා.
73 හැවිරිදි වියේ පසුවන නෙතන්යාහු ඊයේ එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාංසය තහවුරු කිරීමේ ඡුන්ද විමසීමේදී ඡන්ද 63 ක් ලබාගනිමින් නව රජයක් පිහිටුවීම සඳහා කැමැත්ත ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට එරෙහිව මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණා.
බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකර මාස 18 කට පසුවයි ඔහු යළි බලයට පත්වුණේ. එමෙන්ම, ඔහු අග‍්‍රාමාත්‍ය ධූරය හොබවන 06 වන අවස්ථාවද මෙයයි.