ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පා පන්දු තරුව ලෙස සැළකෙන “පේලේ” මිය ගොස් තිබෙනවා.
පිළිකාවකින් පීඩා විදි ඔහු පසුගිය මස 29 වනදා ස්වසන අපහසුතාවයක් හේතුවෙන් සා ඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුලත් කෙරෙනු අතර, මියයන විට “පේලේ” 82 හැවිරිදි වියේ පසුවුණා.
බ‍්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට ඔහු සමත් වූ අතර එය ලෝක වාර්තාවක්ද වනවා.
ජගත් පා පන්දු සම්මේලනය විසින් 2000 වසරේ දී “පේලේ” සියවසේ ක්‍රීඩකයා ලෙසද නම් කරනු ලැබුවා.
සිය වසර 21 ක වෘත්තීය පා පන්දු දිවිය තුළ ඔහු තරඟ 1,363 ක දී ගෝල 1,281ක් රැස් කර ඇති අතර එය පා පන්දු ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.