ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරා බෙන් අද අලූයම මියගියා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇයව පසුගිය මස 28 වනදා ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි රෝහලකට ඇතුළත් කළ අතර, ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ වනවිට ඇය 99 වන වියේ පසු වුණා.
සිය මවට අවසන් ගෞරව දැක්වීම සඳහා නරේන්ද්‍ර මෝදි අහමදාබාද් හි පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැමිණි අතර, එහිදී දණ නමා මවගේ දේහයට ආචාර දැක්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අනතුරුව ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණා.
කෙසේ වෙතත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඔහු සැලසුම් කළ කිසිදු කාර්යයක් කල් දැමීමට කටයුතු නොකර තිබීම ඉන්දීය මාධ්‍ය වාර්තාවල විශේෂයෙන් වාර්තා කර තිබුණා. ඒ අනුව ඔහු අද දිනයේදී බටහිර බෙංගාල සංවර්ධන සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඇමතීමටයි පියවර ගනු ලැබුවේ.
මේ අතර, ජනාධිපති රනිල් වික්රමසිංහද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මව මියයෑම පිළිබඳව ට්වීටර් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබෙනවා.