
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 කට අධික මුදලක් උපයා තිබෙනවා.
රට තුළ පැවති ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ට සහ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට අලෙවි කිරීම ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිටයි.
ඒ අනුව ඩොලර් ගෙවා පළමු නිවස මිලදී ගනු ලැබුවේ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයෙක් වන අතර, මේ වනවිට නිවාස 11 ක් ඩොලර්වලට අලෙවි කර තිබෙනවා.