රියදුරන් සිදු කරන රථවාහන වැරදිවලට අනුව හදුන්වා දෙන ලකුණු ක‍්‍රමවේදය ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප‍්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම, ජනවාරි 01 වනදා සිට වාහන අලූතින් ලියාපදිංචි කිරීම සහ අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.