රජයේ බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බවයි එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
දිවයිනේ සියළු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන අතර එම පෙත්සම ජනවාරි 10 වනදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත භාරදීමටද නියමිතයි.