
තිරප්පනේ – ඔරුක්මාන්කුලම ප‍්‍රදේශයේදී ඝාතනය කර රහසේ වළ දැමූ බව කියන වන අලියෙකුගේ සහ ඇතෙකුගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව ඊයේ ගොඩගනු ලැබුවා. ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයද අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් සැකපිට තිරප්පනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම වන අලියා සහ ඇතා ඝාතනය කර පුළුස්සා බැකෝ යන්ත‍්‍රයක් උපයෝගී කරගනිමින් වළ දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සත්වයින් වළ දැමීම සඳහා බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරුට රුපියල් 80,000 ක මුදලක් සැකකරු විසින් ලබාදී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ගොඩගත් සිරුරු දෙක අතර එක් දළ ඇතෙකු ද සිටි බවටයි පශු වෛද්‍යවරුන් අනාවරණ කරගනු ලැබුවේ.
දළ ඇතා සහ අලියා විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කර ඇති බවටද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන තිබෙනවා.
පසුව තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් උට්ටිමඩුව ප‍්‍රදේශයේ දී මෙම 47 හැවිරිදි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.