
ලබන වසර සඳහා රාජ්‍ය සේවකයන්ට රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, හෙට සිට ලබන පෙබරවාරි 28 වනදා දක්වා මෙම අත්තිකාරම් මුදල ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ.
ලබන පෙබරවාරි 28 න් පසුව අදාළ අත්තිකාරම් මුදල ගෙවීම නොකළ යුතු බව ද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා.