වෙළඳපොළෙහි කොප්පරා මිළ ඉහළ යාමත් සමඟ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් චෝදනා කරනවා.
ඔවුන් කියා සිටින්නේ මෙරටට ගෙන්වන පොල් තෙල්වල නිසි ප‍්‍රමිතිය පිළිබඳ නියාමනයක් නොවීම සහ පවතින පොල් මිල ගණන් යටතේ තම නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවයි.
මේ හේතුවෙන් සිය පාරිභෝගිකයන් විශාල වශයෙන් අඩුවී ඇති බවත්, පවතින විදුලි කප්පාදුව සහ විදුලි බිල වැඩි වීමත් ඊට බලපා ඇති බවයි පොල්තෙල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු සඳහන් කළේ.
මේ අතර, උඩරට එළවළු මිල අඩුවී ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළා.