/
/
title icon
ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී යාත‍්‍රා සේවාව මාර්තු සිට.
ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී යාත‍්‍රා සේවාව මාර්තු සිට.
Editor
2 years ago
Share:
ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී යාත‍්‍රා සේවාව මාර්තු සිට.

ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී යාත‍්‍රා සේවාව ආරම්භ කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම්වරයාට ලබාදුන් උපදෙස් අනුවයි.

එහි රාජතාන්ත‍්‍රික මට්ටමේ සාකච්ඡ‌ෙ මීට පෙර පවත්වා ඇති අතර, මේ වසරේ මාර්තු මාසයේදී අදාළ මගී යාත‍්‍රා සේවාව ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

කන්කසන්තුරය හෝ මන්නාරමේ ආගමන විගමන මධ්‍යස්ථානයක්, රේගු නිශ්කාෂන මධ්‍යස්ථානයක් වරාය අධිකාරිය යටතේ පිහිටුවීමට මෙම යාත‍්‍රා සේවාව යටතේ අවධානය යොමු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required