බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් 2023 වසරේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.
බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ජා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
අද වනවිට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.