භාෂාව වනාහි මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද විශිෂ්ටතම සන්නිවේදන මෙවලමයි. මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙනස් වීමට මූලික පදනම වන්නේද මෙම භාෂාවයි. මානවයා ගෝත්‍ර යුගයේ සිට මේ දක්වා පැමිණි ගමනේ සුවිශේෂී ම සොයා ගැනීම වශයෙන් මෙම භාෂාව පෙන්වා දිය හැකිය. එකිනෙකා සමග අදහස් ප්‍රකාශ කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට යනාදී වශයෙන් භාෂාව ඉතා ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වෙයි. ඒ අනුව සරලවම ගත් විට එකිනෙකා අතර සන්නිවේදනය සදහා අප විසින් පරිහරණය කරනු ලබන ප්‍රබලතම මාධ්‍ය භාෂාව ලෙස හදුන්වා දිය හැකිය. දියුණු භාෂාවක කතා ව්‍යවහාරය සහ ලේඛන ව්‍යවහාරය යනුවෙන් ප්‍රධාන ප්‍රභේද දෙකක් හදුනාගත හැකි ය. සිංහල භාෂාවේ කතා ව්‍යවහාරය හැදින්වීම සදහා ‘ කට වහර ‘ යන යෙදුම භාවිතා කරන අතර ලේඛන ව්‍යවහාරය හැදින්වීම සදහා ‘ ගත් වහර ‘ යන යෙදුම භාවිතා කරයි.
සිංහල කට වහර පිළිබඳ අවධානය යොමු කිරීමේදී එහි නොයෙක් ප්‍රභේද හදුනාගත හැකි ය. එවැනි එක් බෙදීමක් ලෙස වියත් වහර සහ ජන වහර පෙන්වා දිය හැකිය. කතාබහේදී වියත් වහර භාවිතා කරන්නෝ වියත්හුය. එසේම ජන වහර භාවිතා කරනු ලබන්නේ පොදු ජනයා විසිනි. ‘ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය ‘ යනුවෙන් ජන වහරෙහිම තවත් එක් ප්‍රභේදයක් හදුනාගත හැකිය. උඩරට, ඌව, දකුණ හා සබරගමුව යන පලාත්වලත් සතර කෝරළය, රජරට, බිබිල, මොණරාගල හා බින්තැන්නපත්තුව, දගාමඩුල්ල යන ප්‍රදේශවලත් වෙසෙන සිංහල ජනයාගේ ජීවන වෘත්තීන්, ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් සමග බැදුනු ඔවුන්ටම ආවේණික වූ බස් වහර ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය වශයෙන් හැදින්විය හැකිය.
එම ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය තුළ දිගාමඩුලු ජන වහරට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ එහි පවතින විශේෂතා අන් භාෂා ව්‍යවහාර තුළ නොතිබීම හේතුවෙනි. දිගාමඩුලු ජන වහර වශයෙන් හදුන්වනු ලබන්නේ වැව්ගම් පත්තුව සහ බින්තැන්නපත්තුවේ භාවිතා කරනු ලබන ජන වහරටයි. මෙම වැව්ගම් පත්තුවේ බස් වහර බින්තැන්නපත්තුවෙන් ඌවට අයත් නිල්ගල කෝරළයේත් වැඩිහිටියන් අතර දක්නට ලැබේ. මෙම බස් වහර අනෙකුත් භාෂාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී අනෙක්වාට වඩා වෙනස් ප්‍රශනාර්ථයේදී ‘ද?’ නොයෙදීම, ක්‍රියා පද ව්‍යවහාර කරන විට ‘ වවත්, කත්, සිටිත්, බලත්, කියත්, දනිත් ‘ යනාදී වශයෙන් බහු වචන ස්වරූප ගැනීම සහ බොහෝ වචන පැරණි භාෂාවේ භාවිතා කළ වචන මේ දක්වා භාවිතා කිරීම යනාදිය පෙන්වා දිය හැකිය.
දිගාමඩුල්ල ප්‍රාදේශිකය පිළිබඳ හදුන්වා දීමේදී මෙය ආදී ආර්‍ය ජනාවාසයන්ගෙන් එකකි. වංශ කතාව අනුව දීඝායූ කුමරා විසින් පිහිටවනු ලැබූ මෙම ජනපදය ඉතා සුළු කලකින්ම ප්‍රබල දේශපාලන නායකත්වයක් බිහි කළේය. දීඝ ගාමිණීගේ පුත් පණ්ඩුකාභය කුමරු විසින් අනුරාධපුරය සිය අනසකට ගෙන අනුරාධපුරයෙහි අගනුවර පිහිටුවනු ලැබීය. මෙතැන් සිට දිගාමඩුල්ල අනුරපුර මහ රජුගේ එක් ප්‍රාදේශීය පාලන කොට්ඨාසයක් විය. එය ප්‍රධාන ධාන්‍යාගාරයද විය.
පොලොන්නරු රාජධානිය බිද වැටී දේශපාලන අධිකාරය නිරිත දිග ප්‍රදේශයට තල්ලු වීමත් සමග දිගාමඩුල්ල වල් බිහිවන්නට විය. බ්‍රිතාන්‍ය පාලනය යටතේද මෙම දිගාමඩුල්ලට හිමි වූයේ ඉතා අඩු අවධානයකි. එබැවින් ප්‍රදේශයේ වල් බිහි වීම වඩාත් ඉක්මන් විය. නමුත් ස්වදේශිකයන් පාලනයට සම්බන්ධ වීමත්, ගොවිතැන් කටයුතු නගා සිටුවීමට රජය ගත් උත්සාහයත් නිසා දිගාමඩුල්ල කෙරෙහිද රජයේ අවධානය යොමු වන්නට විය. එම අවධානයත් සමග සශ්‍රීක ප්‍රදේශයක් ලෙස දිගාමඩුල්ල, අම්පාර බවට පත් විය.
කෙසේ වුවත් දිගාමඩුල්ල අම්පාර බවට පත් වුවත් තවමත් එහි දිගාමඩුලු ප්‍රාදේශීය ව්‍යවහාරය පවතී. එම ජන වහරේදී පියාට ‘අප්පා’ කියන අතර මව හදුන්වන්නේ ‘මේ හෝ මොවී’ කියන නමිනි. අම්මාගේ මව හෙවත් ආච්චි ‘කිරි අම්මා’ වන අතර තම්න්ගේ සැමියා හදුන්වන්නේ ‘ බොටා ‘ යන නමිනි. ගෙදර ඇති කරන බල්ලාට ‘කෑටා’ කියා හදුන්වන අතර ආහාරයට ගන්නා හොද්ද හදුන්වනු ලබන්නේ ‘කායම’ නමිනි. තරහකාරයින්ට ‘ගිනි බිදීම’ සිදු කරයි. තුවක්කුව කළු මිනික්කම යනුවෙන් හදුන්වන අතර කම්මැලි අයට සෝමාලිගේ ලෙසද කොල්ලාට ගොබිලා ලෙසද ආමන්ත්‍රණය කරයි. මීට අමතරව තවත් වචන කීපයක් ලෙස,
ආතා- පියාගේ මව
කිරි අත්තා- මවගේ පියා
මුත්තා – පියාගේ පියා
කුඩප්පා – බාප්පා
හීන් අම්මා – පුංචි
හුරා – මස්සිනා
එතනා – නෑනා
මාමණ්ඩි – මාමා
හොටියම්මා – මහළු ගැහැණු අය
කියත් – කියනවද
බලත් – බලනවද
පිල්බරා – මොණරා
සකියා – මිතුරා
යනාදී වචනද පෙන්වා දිය හැකිය.
කෙසේ වුවත් වර්තමානය වන විට තරමක් මෙම ප්‍රාදේශීය ව්‍යවහාර භාෂාව අභාවයට යමින් පවතී. එයට හේතුව ලෙස සංස්කෘතික විවිවිධත්වය පෙන්වා දිය හැකිය. එනම් මෙහි ජනයා වෙනත් ප්‍රදේශ වලට යාමත් සමග ඔවුන් එම යන ප්‍රදේශයේ සංසකෘතිකාංග, භාෂාව යනාදිය රැගෙන පැමිණීමයි. එහෙත් මෙම ප්‍රාදේශීය ව්‍යවහාර භාෂාව පැවතීම අනිවාර්ය වේ. එම ප්‍රදේශයට ආවේණික ලක්ෂණ පෙන්නුම් කරන අංගයක් ලෙස මෙම ප්‍රාදේශීය ව්‍යවහාරය ගත හැකිවෙයි. එබැවින් මෙම ප්‍රාදේශීය ව්‍යවහාරය අනාගත පරපුර වෙත ලබා දෙමින් අනාගතයට රැගෙන ඉතාමත් අගනේය.
සනෝජා රංහොටිබණ්ඩාර.