
බ‍්‍රසීලයේ නව ජනපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දී තිබෙනවා. ඔහු ජනාධිපති ධුරයට පත්වූ තුන්වන අවස්ථාවද මෙයයි.
ලූලා ද සිල්වා 2003 සහ 2010 අතර කාලයේදී බ‍්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් ලූලා ද සිල්වා සියයට 50.9 ක් ලබාගත් අතර ඒ හේතුවෙන් වත්මන් ජනාධිපති ජයිර් බොල්සනාරෝට සිය ධුරය අහිමිවුණා.
කෙසේ වෙතත්, ජයිර් බොල්සනාරෝට මේ වනවිට ඇමරිකාව වෙත ගොස් තිබෙනවා.
ඒ, නව ජනපති ලෙස ලූලා ද සිල්වා ගේ දිවුරුම් දීමේ උත්සවය මග හැරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.