
2022 වසරේ තුන්වන වාරයේ දෙවන අදියර යටතේ පාසල් අද ආරම්භ කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ යටතේ මේ මස 20 වනදා දක්වා පාසල් පැවැත්වෙන බවයි.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරී 21 වනදා යලි පාසැල්වලට නිවාඩු ලබා දෙන අතර 3 වන වාරයේ අවසන් අදියර යටතේ යළි පාසැල් ඇරඹෙන්නේ පෙබරවාරි මස 20 වනදායි.
තුන්වන පාසැල් වාරයේ අවසන් අදියර මාර්තු මස 24 වනදා දක්වා පැවැත්වෙනු ඇති.