ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමනු ලැබුවා. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355 ක්.
ඊට සමගාමීව අයි. ඕ.සී සමාගමද නිවේදනය කළේ තම සමාගම අලෙවි කරන ඉන්ධන වර්ග වලද මිල පහත හෙළන බවයි. අවසන් වරට ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත හෙළනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මස 5 වනදායි.
කෙසේ වෙතත්, ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරන්නේ දැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තීරණය දින දෙකකින් ප‍්‍රකාශයට පත් කරන බවයි.
කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විමසීමක් කළ අතර එහි අධ්‍යක්ෂ ජනාරාල් නිලාන් මිරෙන්ඩෝ කියා සිටියේ ගාස්තු සංශෝධනය කිරීමට හැකි දැයි මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවයි.