ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරින් සොයා ගත් සාක්ෂි ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදු කිරීම සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.
මෝසමක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය නිකුත් කළා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම මරණය ඝාතනයක්ද එසේ නොමැති නම් සියදිවි නසාගැනීමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි.
එම නිසා අපරාධ ස්ථානයේ තිබි සොයාගත් වයර් කැබලි, ලේ තැවරණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර්ගේ නියපොතු ඇතුළු ස්ථානීය සාක්ෂි රස පරීක්ෂක වෙත යොමුකරන ලෙසට ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මීට අමතරව දුරකථන විශ්ලේෂණ වාර්තාද ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.