/
/
title icon විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන සතියට.
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන සතියට.
Editor
1 year ago
Share:
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන සතියට.

මෙම මාසයේ සිට ඉහළ දැමීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්.

කෙසේ වෙතත්, එය ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවේදී තවදුරටත් සාකච්ඡා කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර, ගාස්තු නැංවීමට කැබිනට් මණ්ඩලය ලබාදෙන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පිළිනොගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී විදුලි ගාස්තු ඉහළ දැමිම සඳහා වන යෝජනාව සාකච්ඡාවට ගෙන තිබුණා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමූ පසුබිමක් තුළයි යළි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය යෝජනා කර ඇත්තේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ නව ගාස්තුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළහොත් සියයට 60 ත් 65 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා පනත අනුව විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන ක‍්‍රමවේදයක් නෛතිකව පවතින බැවින් එය පිළිනොගන්නා බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ කියා සිටියේ.

මේ අතර විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව හෙට දහවල් 12 සිට පැය 02 කාලයක් දිවයිනේ සෑම විදුලි බල මණ්ඩල ශාඛා කාර්යාලයක් ඉදිරිපිට විරෝධතා පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියා. ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required