තන්තිරිමලේ පොලිසියේ තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් පැහැරගෙන ගොස් විල්පත්තු වන උද්‍යානයේ සතුන් දඩයමේ නිරත වූ සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැහැරගත් ගිනි අවියෙන් සැකකරු මුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා විසින් පොලිසියේ ආයුධ ගබඩාවේ තැන්පත් කර තිබූ අදාළ ගිනි අවිය සොරාගෙන ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව එම ගබඩාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.