කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ එහි ශිෂ්‍ය නියෝජිතයෙකු තලංගම පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසියට පැමිණි අවස්ථාවේදීයි.
පසුගිය වසරේ ජුනි මස 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසළ පැවති උද්ඝෝෂණයක් අතරතුර එහි දේපළවලට හානි කළ බවට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු 04 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව ඔවුන් අද පොලිසියිට කැඳවා තිබූ අතර එම අවස්ථාවේදීයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.
සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සිද්ධියට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට පසුගියදා ඇප නියම වුණා.