/
/
title icon 2023 වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට.
2023 වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට.
Editor
1 year ago
Share:
2023 වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට.

මේ වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප‍්‍රකාශ කළා. ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් 60,000 ක් එමඟින් දිවයිනට රැගෙන එනු ලබනවා.

එම නෞකාවෙන් අනතුරුව තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ. ඒ අනුව ජනවාරි මාසයේදී දිවයිනට ගල් අඟුරු නෞකා 06 ක් ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, පසුගිය වසරේ දෙසැම්බර් 22 වනදා රාති‍්‍රයේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. නඩත්තු කටයුත්තක් සඳහා එහි ජනන කටයුතු නවතා දැමීමෙන් මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වුණා.

අද දිනයේත් පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required