
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු පන්දුවාර විස්ස තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව ඊයේ සමත් වුණා. මුම්බායි – වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා. ඉන්දීය පිල වෙනුවෙන් දීපක් හූඩා පන්දු 23කදී නොදැවී ලකුණු 41 ක් සහ ඉෂාන් කිෂන් පන්දු 29 කදි ලකුණු 37ක් ලබා ගත්තා.
ලකුණු 163ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 27 කදි ලකුණු 45ක් රැස් කළා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 23 යි.
ඒ අනුව තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1 ට 0 ක් ලෙස ඉන්දියාවේ පෙරමුණේ පසුවනවා.