දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතර හමුවක් හෙට සිදුවනවා. එහිදී 13 වන සංශෝධනය, දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සහ එහි මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එක්වන බව සඳහන්.
අදාළ සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි එක්වනවා. ඉදිරියේදී සියළුම දෙමළ දේශපාලන පක්ෂ සමඟ ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත සාකච්ඡාවට සමගාමීවයි මෙම හමුව සිදු කෙරෙන්නේ.