‘‘සීතාවක ඔඩිසි’’ දුම්රිය කඩිනමින් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කටයුතු ක්‍රියාත්මක කරනවා.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, ගමනාන්තය දක්වා ආකර්ශනීය ස්ථානවල නතර කරනු ඇති.
කොළඹට නුදුරු රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ගොරක ඇල්ල ආදී දිය ඇලි මෙන්ම තුම්මෝදර වැල්පාලම, ගල් බංගලාව, කොඩිගල කඳු පන්තිය, සීතාවක උද්භිද උද්‍යානය, ලබුගම හා කලටුවාව ජලාශ මෙම මාර්ගය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.