
පළාත් පාලන ආයතන 340 ක් සඳහා නාමයෝජනා භාර ගැනීමට අදාළ දැන්වීම් අද දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව නාමයෝජනා භාර ගැනීමට අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දින තුනහමාරක කාල සීමාව, අපේක්ෂකයන් සංඛ්‍යාව, කාන්තා අපේක්ෂකයන් සංඛ්‍යාව, තැන්පත් කළ යුතු ඇප මුදල ආදී කරුණු දැක්වෙනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කෙරෙනු ඇති.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ, විශ‍්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින්.