ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට පහළ දැමීමත් සමඟ බස් ගාස්තුවේ යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, ඊට අදාළ නිශ්චින තීරණය බස් හිමියන් ඇතුළු අදාළ බලධාරින් සමඟ සාකච්ඡුා කර ඉදිරි කිහිපය තුළදී ජාතික ගමනාගමන කොමිසම වෙත ඉදිරිපත් කරන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
මේ අතර, කෙටි දුර ධාවන බස් රථ සඳහා අවම වශයෙන් දෛනිකව ඩීසල් ලීටර් 40 ක් පමණ වැයවන බව සඳහන්. ඒ අනුව ඩීසල් මිල අඩුවීම හරහා බස් රථ සඳහා අවශ්‍ය දෛනික ඩීසල් ප‍්‍රමාණයෙන් රුපියල් 1000 ක ඉතිරියක් පවතිනවා.
එලෙස ඩීසල් මිල අඩුකිරීම හරහා මසකට රුපියල් 30,000 ක පමණ ඉතිරියක් බස් රථ සඳහා හිමිවන නමුත් ඇතැම් බස් සංගම් පෙන්වා දෙන්නේ ඩීසල් මිල අඩුකළ පමණින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවයි.
එමෙන්ම අධිවේගී මාර්ගවල බස්රථ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.