/
/
title icon එපා කියද්දී බෝනස් දුන් Sri Lankan සහ CPC ලොක්කයන්ගෙන් ජනපති නිදහසට කරුණු අසයි.
එපා කියද්දී බෝනස් දුන් Sri Lankan සහ CPC ලොක්කයන්ගෙන් ජනපති නිදහසට කරුණු අසයි.
Editor
1 year ago
Share:
එපා කියද්දී බෝනස් දුන් Sri Lankan සහ CPC ලොක්කයන්ගෙන් ජනපති නිදහසට කරුණු අසයි.

යතන දෙකම පාඩු ලබන මොහොතක ප‍්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස, ජනපති ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළා.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප‍්‍රසාද දීමනා නොගෙවන ලෙසයි මුදල් අමාත්‍යංශය පසුගියදා දැනුම් දී තිබුණේ. ඒ අනුව ජනාධිපතිවරයා එම ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක‍්‍රලේඛවලට පටහැනිව ප‍්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙනයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප‍්‍රසාද දීමනා ලෙස ගෙවා ඇතැයි වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200 ක් සිටින අතර ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප‍්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන්.

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇති බවද වාර්තා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required