
සිය දරුවන් දෙදෙනාට වස පොවා අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ මවද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවා පෙරේදා මියගියා. ඔවුන් පදිංචිව සිටියේ ලෝලූවාගොඩ – තලහේන ප‍්‍රදේශයේයී.
සිය දරු දෙදෙනාට වස පොවා මවද පසුගියදා වස පානය කර තිබුණා. එහිදී වස පෙවූ අවුරුදු අටක් වයසැති අනෙක් දරුවාද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.