/
/
title icon ටිකට් නැතිව ගිය ප‍්‍රධානියෙකු නිසා නගරාන්තර දුම්රියක් පමා වෙයි.
ටිකට් නැතිව ගිය ප‍්‍රධානියෙකු නිසා නගරාන්තර දුම්රියක් පමා වෙයි.
Editor
1 year ago
Share:
ටිකට් නැතිව ගිය ප‍්‍රධානියෙකු නිසා නගරාන්තර දුම්රියක් පමා වෙයි.

ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යාමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප‍්‍රවාහන අධිකාරිවරයෙකු දුම්රිය නියාමකවරයෙකු සමග ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන් දුම්රියක් ප‍්‍රමාද වීමේ සිද්ධියක් වාර්තා වනවා.

කොළඹ කොටුවේ සිට මහනුවර බලා පස්වරු 3.35 ට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය විනාඩි 30 ක් ප‍්‍රමාද වී ගමන් ආරම්භ කර ඇත්තේ එම ගැටුම හේතුවෙන්.

මේ අතර, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය අද සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා.

අනුරාධපුරය සහ කන්කසන්තුරය අතර, මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන්නේ මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්. ඉන්දියානු ණය ආධාර ක‍්‍රම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 ක් දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා යොදවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required