අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10 කින් අඩු කිරීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ඒ අනුව මාකුඹුර – ගාල්ල අතර නව ගාස්තුව රුපියල් 930 ක් වන අතර, මාකුඹුර – මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 1170 ක්.
කඩුවෙල – මාතර අධිසුඛෝපභෝගී නව බස් ගාස්තුව රුපියල් 1260 ක් දක්වා අඩු කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ කොළඹ – කතරගම අතර නව බස් ගාස්තුව රුපියල් 2270 ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ. කොළඹ – මාතර අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 1300 ක්.
ඊට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ – කතරගම ගාලූ පාරේ ධාවනය වන බස්රථවල අර්ධ සුඛෝපභෝගි සේවාව ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත් කෙරුණා. ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගි බස් රථ වලින් අය කෙරෙන ගාස්තු අඩු කර තිබෙනවා.